අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා ඔහු මෙලෙස ගුවන් තොටුපොළ වෙත ගොස් ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා එහිදී ගුවන්තොටුපළේ සියලුම අංශයන් වෙත ගොස් ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී තිබේ.
මෙහිදී ගුවන්තොටුපොළත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමත්, නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටුවා පැය 24 පුරාම ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට මෙන්ම ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබා දෙන්නට අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර තිබුණි.
එමෙන්ම මෙම ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබේ.