Connect with us

පුවත්

රන්ජන්ගේ හා සුභාෂ්කරන්ගේ බඩු මාට්ටු වෙයි

Published

on

රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ඡන්දදායකයින්ට බෙදා දීමට සූදානම් කර තිබූ භාණ්ඩ තොගයක් වැල්ලවත්ත පොලිසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ඊයේ (10) රාත්‍රියේදී වටලා තිබේ.

වැල්ලවත්ත පෞද්ගලික හෝටලයක තිබූ එම පක්ෂයේ නිර්මාතෘ අලි රාජා සුබාස්කරන් මහතාගේ ඡායාරූපය අලවන ලද වියලි ආහාර වර්ග මලු , බෝතල් , පවර් බෑන්ක් , ඩයරි , මග් ආදී භාණ්ඩ තොගයක් මෙලෙස හසු වී තිබුණි.

ඒ, මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද  (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති පසුබිමකය.

මෙය දූෂිතත ක්‍රියාවක් බැවින්  මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම සියලුම භාණ්ඩ පොලිසිය සහ මැතිවරණ කොමිසමේ භාරයට ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

Published

on

By

සචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

එහි මුලික සාකච්ඡාවක් ඊයේ (18) ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  

මීට අමතරව මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ද මෙම වැඩසටහන මගින් සැලසුම් කර තිබේ.

Continue Reading

පුවත්

තරුණයෙකුට හිංසා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Published

on

By

2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් ඌරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) නියෝග කරන ලදී.

එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති හරිත් සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර තිබේ.

මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවය.

පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කලේය.

මේ හේතුවෙන් තමන්ගේ අත් වල මෙන්ම පිටුපස ප්‍රදේශයෙත් විශාල වේදනාවක් හටගත් බවත් ඔහු සඳහන් කර සිටියි.

ඉන් පසුව  අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කලේය.

ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් වග උත්තරකරුවන් සිය විරෝධතා වලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කලේය.

එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බව ඔවුන් ප්‍රකාශ කළහ.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved