Connect with us

පුවත්

විදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා  මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාල වලින්

Published

on


නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල,  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන නියමු  ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල,  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික  ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා  විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD  දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබේ.

ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික  පමණක් නිකුත් කිරීම සිදු කරනු ඇත.

මෙම සහතික 1960.01.01 දිනට පසු  ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකිය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (25) පෙරවරුවේ සියම් නිකායේ  මල්වතු සහ  අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ  සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද  එක්ව සිටියහ.

Continue Reading

පුවත්

“දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා”

Published

on

By

දෙසැම්බර් මාසය වන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බව කබීර් හෂීම් මහතා පවසයි.

ජනතා හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

“මම පොරොන්දුවෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා.ඇතිනේ ඒ ටික දැන්.හෙමින් යන්.

මම කියන්නේ ඒක නිකං යයි අපි ගන්න ඔිනි නෑ.ඒක දීලා යයි.කරන්න බැරි වෙන කෙට ගෝඨත් දෙන්න බැලුවා නේ.ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් මොකද වුණේ අරයා රිංගුවා.රනිල් මහත්තයා.

මේ පාර දෙන්නේ නෑ එහෙම.මේ පාර අපිත් බලන් ඉන්නේ.දැනුත් එයා සපත්තු පොලිෂ් කරගෙන රෙඩි වෙලා ඉන්නේ හෙට වැටෙයි කියලා. 

මේ පාර ඒක කරන්න දෙන්නේ නෑ.අරගෙන මේ රට වෙනස් කරන්න ඔිනි.ඒක අපිට කරන්න පුළුවන් “

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved