Connect with us

පුවත්

වැඩි මහජන මනාපය විජිතට, හරිනිටත් වඩා මනාප ගනියි

Published

on

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.

එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ.

එසේම ඔහු එම ලයිස්තුවේ දෙවැනියට මනාප ලබා ගත් අපේක්ෂකයාට (අනිල් ජයන්ත – 162,433) වඩා මනාප ලක්ෂ 554,282 ක් ලබා තිබීම ද විශේෂිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමිවිය.

මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නිකුත් කර තිබූ අතර ඒ වනවිට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්ව තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 14ක් හිමිවු අතර ඉන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඇය මනාප සංඛ්‍යාව 655,289ක් හිමිකර ගෙන තිබුණි.

ජාතික ජන බලවේගය

1. විජිත හේරත් – 716,715
2. අනිල් ජයන්ත – 162,433
3. මහින්ද ජයසිංහ – 137,315
4. ක්‍රිෂාන්ත අබේසේන – 121,725
5. මෙහොමඩ් මුනීර් – 109,815
6. අශෝක රන්වල – 109,332
7. ධර්මප්‍රිය විජේසිංහ – 83,061
8. රුවන් මාපලගම – 78,673
9. ලසිත් භාෂණ – 74,058
10. ප්‍රගීත් මධුරංග – 70,887
11. චම්පික හෙට්ටිආරච්චි – 70,373
12. ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක – 68,210
13. හේමාලි සුජීවා – 66,737 
14. උපාලි ප්‍රියන්ත අබේවික්‍රම- 60,595
15. ප්‍රියාන් ස්ටෙෆනී ප්‍රනාන්දු – 57,634
16. චමින්ද ලලිත්කුමාර – 53,451

සමගි ජන බලවේගය
1.හර්ෂණ රාජකරුණා – 67,00
2. කාවින්ද ජයවර්ධන – 37,597
3. අමිල ප්‍රසාද් – 23,699

පුවත්

2026දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කරයි

Published

on

By

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.

අදාළ අයඳුම්පත මෙසේය :

Continue Reading

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

By

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Continue Reading

පුවත්

සිරුරට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන නතර කරන්න පියවර

Published

on

By

දරුවන්ගේ ශරීර වලට අහිතකර විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (03) දින මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බවයි.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් ඉදිරි මාස දෙකක කාලයේදී දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved