Connect with us

පුවත්

23 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය හෙට නම් කරයි; අගමැති නැවතත් හරිනි

Published

on

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හෙට (18) පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවුවද, ආරක්ෂක හා මූල්‍ය අමාත්‍යාංශ තව දුරටත් ජනපතිවරයා අතේම තබා ගැනීමට තීන්දු වී ඇතැයි ද පැවසේ.

හරිනි අමරසූරිය නව රජයේ අගමැති ධුරයට පත්වනු ඇති අතර, අමාත්‍ය විජිත හේරත් විදේශ ඇමති ලෙස නැවත දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වේ.

මේ අතර, සියලුම අමාත්‍යංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කිරීමට තීන්දු වී ඇතැයි පැවසේ.

අග්‍රාමාත්‍යවරියට අමතරව දකුණු පළාතෙන් තේරී පත්වූ වූ නව පාර්ලිමේන්තු මන්ත්රීවරියක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

මෙම නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ලබන අඟහරුවාදා පළමු පාර්ලිමේන්තු සැසිවාරයට පෙර පැවැත්වීමට ද සැලැසුම්කර ඇති බව පැවසේ.

වෙනස්කම්වල කොටසක් ලෙස, ප්‍රධාන රාජ්‍ය ආයතන කාහිපයක වෙනස්කම් කිරීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වේ. 

කෙසේවුවද, එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දිගටම එම ධූරයේ ​රඳවා ගැනීමට ද තීන්දු කර ඇති බව පැවසේ.

මේ අතර, පාර්ලිමේන්තු තනතුරු පිරවීම ගැනද එම පක්ෂ අභ්‍යනතරයේ සාකච්ඡා පවත්වා ඇති අතර කථානායකවරයාගේ ස්ථාවරය සඳහා නම් හතරක් සලකා බලා ඇති අතර, නියෝජ්ය කථානායක ධුරය සුළුතර ප්‍රජාවේ සාමාජිකයෙකුට ලබා දිය යුතු බවට ද යෝජනා වී තිබේ.

බිමල් රත්නායකගේ නම කථානායකවරයා ලෙස නම් කර ඇති අතර, ඔහු පාර්ලිමේන්තුවේදී කලින් පැවති අත්දැකීම් සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දුව ගෙන තිබේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved