Connect with us

පුවත්

“බෙදීමේ දේශපාලනය තවදුරටත් වලංගු නැහැ”

Published

on

මෙරට තුළ තවදුරටත් බෙදීමේ දේශපාලනය වලංගු  නොමැති බවත් උතුරේ දකුණේ නැගෙනහිර පොදු ජනතාවගේ අභිලාශයන් එක තැනකට එකතු කරගන්නට ජාතික ජන බලවේගයට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (18) නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේන් අනතුරුව අමාත්‍යවරුන් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කලේය.

මේ මැතිවරණයෙන් සතුටට පත් වෙන කණ්ඩායමක් හෝ කම්පාවට පත් වන කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් දෙකක් නොපවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලේය.

සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණය පැවැත්වීමට සිය රජය විසින් අවස්ථාව ලබා දුන් බවත් එය අපේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් බවත් ඔහු ප්‍රකාශ කලේය.

“අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රශාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved