Connect with us

පුවත්

රවීගේ ගෙදරට පොලිස් ආරක්ෂාව

Published

on

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා පැවතේ.

ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.

ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය.

ඊට අමතරව, සන්ධානගතව තරඟ කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කලේය.

පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේය.

ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගය.

එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර – තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැත.

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබේ.

සබැඳි පුවත්

පුවත්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

Published

on

By

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

By

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සේඛය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

Continue Reading

පුවත්

චාමරට ඇප

Published

on

By

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (19) නියෝග කරන ලදී.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මතය.

පොදු දේපල පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු 9.00ට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved