Connect with us

පුවත්

රුහුණු සරසවියේ වර්ජනය අදත්

Published

on

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් ඊයේ (19) මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ  පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සුජීව අමරසේන මහතා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ දා පටන්, අධ්‍යයනය කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන්ව ඉතා පීඩනයකට ලක්කරමින් පෞද්ගලික පළිගැනීමකට ලක් කළ බවය.

“මෙතුමා විශ්වවිද්‍යාලයේ. විශේෂයෙන්ම සිසුන් බොහෝදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා, ඔවුන්ට උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් එහෙමයි. ආචාර්යවරුන්ට උසස්වීම් පවා ලබානොදී හිතවත් පාර්ශවවලට සලකන තත්ත්වයක් තියෙනවා. ඔහුට දේශපාලන රැකවරණය ලැබුණ නිසයි මේ දේවල් කළේ.”

මේ අතර, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසා ඇත්තේ, මේ උපකුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු වැඩවර්ජනය කිසිසේත්ම නතර නොකරන බවය.

පුවත්

“විසුම්පාය”  සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved