Connect with us

පුවත්

දිලිත්ගෙ පක්ෂයේ අවුල් ජාලයක්

Published

on

මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින් ඡන්දය ඉල්ලීම අවංක මහජන නියෝජිතයෙක් වීම සඳහා සිදු කළ දෙයක් නොවන බවත් ඡන්ද මිලදී ගැනීමේ අදහසින් කළ දෙයක් බවත් ඔහු පවසයි.

ගෙවිඳු කුමාරතුංග මහතා අදාළ නිවේදනය මඟින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරණයේ අවසානයත් සමඟ දිලිත්ගේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිපත්ති විරහිතභාවයක් දක්නට ලැබුණු බවය.

“මම ජනාධිපතිවරණයේ අවසානයත් සමඟ දිලිත්ගේ ක්‍රියාකාරීත්වයෙහි දක්නට ලැබුණු ප්‍රතිපත්ති විරහිතභාවය ප්‍රශ්න කළා.

දහම් සිරිසේන ගැනීමට මම එරෙහි වූ බවට පුවත් පත් ඕපාදූප ආදියෙහි වාර්තා වුයේ මෙම ප්‍රශ්න කිරීමයි

දහම් ආවේ මෛත්‍රී සමඟ ඒ විතරක්ද සිරිසේනලාට පොළොන්නරුවේ නායකත්වය දීමට රොෂාන් රණසිංහව කළුතරට යොමු කළා.

 දහම්ව ගත්තත් ඔහුට රොෂාන්ගේ නායකත්වය යටතේ තරග කිරීමට කිව යුතු නැද්ද

දිලිත්ලාගේ පක්ෂයේ අනුරාධපුර නායකයා හා ගැටුමක් නිසා චන්න ජනාධිපතිවරණයේදී වැඩ කළේ නැහැ

මහ මැතිවරණයේදී චන්න දිලිත්ගේ පක්ෂයටම එකතු වුණා එතකොට චන්න අනුරාධපුරයට නායකත්වය දිය යුතු නැද්ද

ඒ වෙනුවට ව්‍යාපාරික මිතුරාට අනුරාධපුරයේදී චන්නව ගම්පහට දැම්මා ඊළඟට ගම්පහින් පොහොට්ටුවේ මන්ත්‍රී මිලානවත් ගත්තා ඇයි දිලිත් ගම්පහින් ඉල්ලන්න හිතාගෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් හා සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට විය යුතුයි

පුවත්

පුංචි ඡන්දයේ අතිරේක නම් අද ගැසට්ටුවට

Published

on

By

 පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.

අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

Continue Reading

පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් තනතුරට ඇඩ් එකක් දාන්න යයි

Published

on

By

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර පිරවීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්කා වේ.
මේ අතර, “ලංකාදීප” පුවත්පත වාර්තා කර ඇත්තේ එම ධූරයට 

විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බවද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. 

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. 

නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.

Continue Reading

පුවත්

යුද ජයග්‍රහණයට අදට වසර 18යි

Published

on

By

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved