Connect with us

පුවත්

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට අධිකරණයෙන් නියෝග

Published

on

ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනෙකු ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් 23වනදාට කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික  මුදලක් අවභාවිත කළ බවට  කියන සිද්ධියට අදාළ නීතිපති උපදෙස් සදහා ලබන එදින කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙස නියෝග කර සිටියාය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව වසර 2015 දී පවරා ඇති අතර නඩුවේ තවත් විත්තිකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනා අධිකරණයේ පෙනී සිටියහ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී  ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාල වලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයට  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට නියෝග කළාය.

පුවත්

“විසුම්පාය”  සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved