Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක්!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම්දීම සිදුකළේය.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවය.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමීව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත එම කටයුතු සිදුවන බවද ඔහු කියා සිටියේය.

අනතුරුව පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියම වුණි.

(අද දෙරණ)

ක්‍රීඩා

වසීම් අක්‍රම් විශේෂ පුහුණු සැසියකට එයි

Published

on

By

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින් සඳහා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ඒකකයේ හා ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එහිදී අද (01) උදෑසන මෙරටට පැමිණි අක්‍රම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු ඇකඩමිය, උසස් තාක්ෂණ ඒකකය හා ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් ආවරණය වන පරිදි සැසි පහක් පවත්වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, ඔහු එළැඹෙන ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින්ගේ සූදානම ද නිරීක්ෂණය කිරීමට නියමිතයි. 

මෙම පුහුණු වැඩසටහන හෙට ඇරඹීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ

Published

on

By

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි විසිනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ තරඟ  පිටියේදී පැවැත්වෙන අතර පළමු තරඟය කටාර් සහ කසකස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

Continue Reading

ක්‍රීඩා

ආසියානු ශූරයන් නැවත දිවයිනට 

Published

on

By

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත දිවයිනට පැමිණියහ.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් විය.

එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත් වූ අතර, මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම ද, කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකිවූ අතර,

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved