Connect with us

පුවත්

සජිත්ගේ පුටුවේ වෙන මන්ත්‍රි කෙනෙක් වාඩිවෙලා

Published

on

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන් ගෙන තිබුණි.  

කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් ආසනය විපක්ෂනායකවරයා වෙත වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම්වත් කරමින් අසුනෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප කරමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීම නිසා ආන්දෝලනාත්කම තත්ත්වයක් නිර්මාණය විය.

එහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් ගැනීමේදී  පිළිවෙලක් සකසා නොතිබූ බවය.

පසුව විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුන ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා “අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළා” යන බව පවසමින් සිය අසුනෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කලේය.

මීට මාස කිහිපයකට පෙර චාවාකච්චේරී රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් වෛද්‍ය  අර්චුනා රාමනාදන් රාමනාදන් අමාත්‍යවරයා පත් කර තිබුණු අතර  ඔහු රෝහලට පැමිණි දිනයේම රෝහලේ හා උතුරේ සෞඛ්‍ය බලධාරීන්ගේ අඩුපාඩු ගැන තොරතුරු ඉදිරිපත් කරමින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝවක් සමාජ මාධ්‍යට උඩුගත කිරීමෙන් පසුව පුවත් මැවූ අමාත්‍යවරයෙකි.

කෙසේවෙතත් අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කර තිබුණි.

” අද පාර්ලිමේන්තුවේ මංගල සැසිය,පටන් ගන්න දවස.අද මන්ත්‍රීවරුන් වාඩි වන පෙළිවෙල සකසලා තිබුනේ නැහැ, මම සාම්ප්‍රදායිකව විපක්ෂනායකවරයාට වෙන් කර ඇති 8 වෙනි අසුනේ වාඩි වුනා,මම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකින් පාර්ලිමෙන්තු ආවේ නැහැ,ස්වාධීන කණ්ඩායමකින් ආවේ.මම හිතනවා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීම සම්බන්ධයෙන් සතුටු වෙයි කියලා”

පුවත්

කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය.

අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය.

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සඟවාගෙන තිබී ඇත.

ඒ අනුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය සමග භාර දී තිබේ.

Continue Reading

පුවත්

වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700ට ළඟාවෙයි

Published

on

By

දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වනවිට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ, වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බවය.

මෙරට ජනතාව, ව්‍යාපාර සහ ආයතනවල හරිත මෙන්ම වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්මන් කාලීන අවශ්‍යතාවට අනුගතවෙමින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය, සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සිය කෘතඥතාව පළකරයි.

Continue Reading

පුවත්

කොළඹ මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය

Published

on

By

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය.

2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved