Connect with us

පුවත්

චීනය ණය ප්‍රතිව්‍යූහගතකරණයට විරුද්ධ නැහැ – ජනපති

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ එක්සීම් බැංකුව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා අරඹනු ඇතැයි චීන රජය අපෙක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (05) පවත්වන ලද 2022 ආර්ථික සමුළුව අමතමිනි.

චීනය සමඟ පැවැති සාකච්ඡා ප්‍රමාද වුයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බව කී ජනාධිපතිවරයා, මේ වන විට ඒ සමුළුව අවසන් ව ඇති බැවින් මේ සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් කීවේය.

චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධ වි නැතැයි ද හෙතෙම කීවේය.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති මෙම අංශය කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි වෙනස්කම් සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන්නේ නව ආර්ථිකයක් මිස ප්‍රතිසංස්කරණ නොවන බව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා කීය.

නැගෙනහිර කන්ටේනර් පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බවත්, මේ සඳහා ජපානය මුලින්ම සම්බන්ධ වුණු බවත් කී ජනාධිපතිවරයා, දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, ආක්‍රමණශීලී ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් අවධාරණය කළේය.

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වෙමින් පවතින බවත් හම්බන්තොට වරාය දේශීය සමුද්‍රීය ක්ෂේත්‍රයට විශාල ධනාත්මක බලපෑමක් ඇති කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධිතාක්ෂණ පද්ධති සමඟ කෘෂි ක්ෂේත්‍රය ද දියුණු කළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව අධ්‍යාපනයෙන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බව ද පැවසීය.

බලශක්ති ක්ෂේත්‍රය, ටෙලිකොම්, සූර්ය බලශක්තිය සහ සුළං බලය සහ වරාය ක්ෂේත්‍රවල ඉන්දියාව ශ්‍රි ලංකාවේ ආයෝජන සිදු කර ශ්‍රී ලංකාවට සහාය දෙන බව ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය කළ NITI Aayog (ඉන්දියා පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනය) ප්‍රධාන විධායක නිලධාරි පරමේෂ්වරන් අයියර් මහතා මෙහිදී පැවසීය.

ඉන්දියාවේ අදානි සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 650කට අධික ආයෝජනයක් වරාය ක්ෂේත්‍රයේ ද ප්‍රධාන වශයෙන් ආයෝජනය කරන බවත් ඔහු පැවසීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved