Connect with us

පුවත්

හඳුනෙත්ති වැඩ බාරගත් ගමන් දුරකථන සමාගමක් හිඟ බිල ගෙවන්න කියලා

Published

on

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරු මෙවැනි ආකාරයට කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන විනාශ වූ බවත් තමන්ට ලැබුණු පළමු දුරකථන ඇමතුම හිඟ බිල ගෙවන ලෙස දුරකථන සමාගමෙන් බවත් ඒ මහතා කීය. ඒ මහතා දුරකථන ඇමතුම අමාත්‍යවරයා මෙසේ විස්තර කළේය.

“මගේ අමාත්‍යංශයට මම ගියාම ඇමතිවරයා දෙන ටෙලිෆෝන් එකක් තියෙනවා. මම ගිහිල්ලා හවස හතරාමාරට විතර කෝල් එකක් ආවා. මම හිතුවා එක්කො මට සුබ පතන්න කවුරු හරි වෙන්න ඇති නේද කියලා බොහෝ ආසාවෙන් ගත්තා.

ගත්තම කියනවා ‘කර්මාන්ත අමාත්‍යංශයෙන් ද කථා කරන්නේ කියා සැරට කථා කළා නෝනා මහත්තයෙක්. මම ටිකක් බයත්වුණා. මම කිව්වා ඔව්, නම්බර් එකට කනෙක්ෂන් එකක් තියෙනවා කිව්වා. මම හිතුවා මම ඇමති හින්දා අලුතින් ටෙලිෆෝන් එකක් දෙන්න යන්නෙ කියලා. නම්බර් එකක් කියලා කියනවා 24,220 ක් හිඟ තියෙනවා. හෙට උදේට ගෙව්වේ නැත්තන් මේක කපනවා කිව්වා.

ඔන්න බලන්න ආපු පළවෙනි කෝල් එක. හිඟ ටෙලිෆෝන් බිලක කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා කවුද කථා කරන්නේ කියලා. මම කියන්න ඇයි ඇමති කියලා. මම කිව්වා වැඩ කරන එක්කෙනෙක් කථා කරන්නෙ. ලොකු මහත්තුරු ඔක්කොම ගිහිල්ලා. හෙට උදේ ලොකු මහත්තුරු ආවට පස්සේ ගෙවන්න කියලා කියන්නන් කියලා.

මේ වගේ දේවල්වලින් තේරුම්ගත හැකියි අපේ රටේ ආයතනවලට මොකක්ද වුණේ කියලා” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.

(ලංකාදීප)

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved