Connect with us

පුවත්

E8 වීසා ගැන රජයේ ස්ථාවරය

Published

on

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවය.

“ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය. නමුත් මේ E8 වීසා  ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකලට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නීත්‍යාණුකූල කරන්න රජයට බැහැ.

E8 එක නීත්‍යාණුකූල කලොත් අපිට E9 එකත් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග හැටියට කලින් උදවිය මේ තරුණයන් නොමග යවලා ඔවුන්ට ඒ රටට ගියාට පස්සේ පැනලා යන්න අවස්ථාවක් තියෙනවායි කියලා බොරු මතයක් හදලා තමයි මේ වීසා හදලා තියෙන්නේ. මේකට  අදාළ කරන ගිවිසුමක් විදේශ සේවා කාර්යාංශයේ නෑ. මේ අනීතික ක්‍රියාවලිය පිටිපස්සේ දේශපාලන සහ තැරැව්කරුවන් ඉන්නවා දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධව තරුණයන්ව රවට්ටලා ජාවාරමක් කරලා තියෙන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ඉතුරු වෙලා ඉන්න හැට ගානට අපි සාධාරණයක් කරලා දෙන්නම්. හැබැයි මේ ක්‍රියාවලිය නීත්‍යාණුකූල කරන්න අපිට කිසිම හැකියාවක් නෑ එහෙම වුණොත් රටක් විදිහට අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා.”

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved