Connect with us

පුවත්

‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘

Published

on

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් කියන පදයට නටන රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටටත් ජනතාවටත් ගොඩඒමක් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ජනතාව දිනා ගැනීමට කියූ දේවල් අමතක වී වත්මන් රජය නිර්වින්දනය වී ඇති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු  පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වුවත් වත්මන් රජය අයි එම් එෆ් පදයට නටන බවත් ඔහු  පැවසීය.

ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විදුලි බිල අඩු තෙල් මිල විශාල වශයෙන් අඩු කරන බව පැවසුවත්  වත්මන් රජය මැතිවරණ වේදිකාවේ පැවසූ  දේවල් නොකර සිටින බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය නව අයවැයක් ඉදිරිපත් නොකිරීමෙන්  ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පළාත් පළාන මැතිවරණයට තරග කිරීම හැර  වත්මන් රජය පොරොන්දු ක්‍රියාත්මක කිරීමට  සැලසුම් පවා සකස් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

(ලංකාදීප)

පුවත්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි

Published

on

By

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත.

2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Continue Reading

පුවත්

ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකති

Published

on

By

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. 

ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට

Published

on

By

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන දසදහසක් වෙන්කර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා මෙන්ම විද්වතුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.

පොලිස් නිලධාරීන් දෙදහසක් මෙම වසර තුළදී බඳවා ගැනීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved