Connect with us

පුවත්

ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කළ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු අත්අඩංගුවට

Published

on

බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේදී බෙදා හැර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙකි.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විදෙස් ගමන් තහනම් නියෝගයක් මත සැකකරු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගනන අංශය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය දැනුවන් කර තිබේ.

ඒ අනුව ගුවන්තොටුපොළ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව ගුවන්තොටුපොළ පොලීසිය හා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(අදදෙරණ)

පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Published

on

By

අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි

Published

on

By

චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.

එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.

එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

Continue Reading

පුවත්

සුව සැරියේ ප්‍රධාන කාර්යාලයට තක්සේරු වටිනාකමට වඩා රුපියල් ලක්ෂ 50ක් ගෙවලා!

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සුව සැරිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකමට වඩා වසරකට රුපියල් ලක්ෂ පනහක් ගෙවන බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි.

ගොඩනැගිල්ලේ හිමිකරු රජයේ තක්සේරු වටිනාකමට එකඟතාව පළ කර නොමැති අතර ගිවිසුම්ගත කුලී මුදල ද ඉක්මවන වෙනත් තක්සේරු වාර්තාවක් හිමිකරු ඉදිරිපත් කර තිබෙන බව ද එම පරීක්ෂණ වාර්තාව හෙළි කර ඇත.

ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දී ආයතන ප්‍රධානියා ප්‍රධාන තක්සේරුකරු විමසිය යුතු වන අතර ප්‍රධාන තක්සේරුකරුගේ තීරණය භාර ගැනීමට ප්‍රධානියාට නොහැකි වන්නේ නම් එම ගොඩනැගිල්ල කුලියට ගන්නා ආයතනය අදාළ ලේකම් වෙත තීරණයක් සඳහා එම කාරණය යොමු කළ යුතු වුවද එම නියමය අනුව පදනම කටයුතු කර නොමැති බව ද පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය මාර්තු මස පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ගත් තීරණයක් මත ගොඩනැගිල්ලේ කුලිය සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි මීට පිළිතුරු වශයෙන් පදනමේ කළමනාකාරීත්වය විගණන කාර්යාලයට දන්වා තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved