Connect with us

පුවත්

අනුර මගේ වැඩ පිළිවෙලම ගෙනියනවා

Published

on



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනාවලින් ඉවත්විය නොහැකි බව පැවසු හිටපු ජනාධිපතිවරයා රටේ දැනට පවතින ධාරිතාව සම්පූර්ණ වූ විට නව මාර්ග සොයාගත යුතු බවත් ඊට යොමු වීමට කාලයක් ගතවනු ඇති බවත් සඳහන් කලේය.

අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය නොවැම්බර් 30 එක්වෙමින් මේ බව පවසා සිටියේය.

කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී එතෙක් රටේ තිබූ ධාරිතාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට 2022-24 කාලයේ උත්සාහ කළ බව පැවසු වික්‍රමසිංහ මහතා ආර්ථික වර්ධන වේගය සියයට තුනක් අපේක්ෂා කළද එය සියයට පහක් දක්වා ගෙන ඒමට හැකිවූ බව සඳහන් කලේය.

මෙරට සංචාරක ව්‍යාපාරය ආර්ථිකය දියුණු කිරීමේ එක් මාර්ගයක් බව ත් සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයන් අලුතින් සිතා ව්‍යාපාර අවස්ථා වැඩි කළ යුතු බවත් පැවසීය.

තවද 2028 වන විට නැවත ණය ගෙවීමට තිබෙන බැවින් අලුත් ආදායම් මාර්ග සොයාගත යුතු යැයි පැවසු රනිල් මහතා විදෙස් සංචාරකයකුගෙන් මෙරටට ලැබිය යුතු ආදායම ඩොලර් 50,100 වැනි මුදලකට එහා ගොස් ඩොලර් 300ක් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ප්‍රකාශ කලේය.

එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් තමා අයි.එම්.එෆ්. සංවිධානය සමග ආරම්භ කළ වැඩපිළිවෙළින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවද තවදුරටත් අදහස් දක්වමින් රනිල් මහතා පවසා සිටියේය.

පුවත්

මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම මළසිරුර සොයාගත් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Published

on

By

අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි

Published

on

By

චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.

එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.

එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved