Connect with us

පුවත්

පළාත් පාලන නාමයෝජනා ගැන ගත් තීරණය

Published

on

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබුණි.

ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඡායාරූප සටහන

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් (ඡායා)

Published

on

By

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය  මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබේ.

එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක්  ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන තිබේ.

එසේම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ජනතාව තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සහ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින්ද විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ අරමුණු වේ.

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සෝමාවතී රජමහා විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නයද, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී  පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා සංඝරත්නයද, සර්ව ආගමික පූජකවරුන්ද,  කථානායක ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදෙස් නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඉන්දියාව – පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published

on

By

ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

පෑලියගොඩ නගර සභාවට පැරැදිච්ච අපේක්ෂකයෙක් ගේන්න සජබ ඇතුලේ ගේමක්!

Published

on

By

විපක්ෂයට වැඩි බලය හිමි පෑලියගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ පැරදුන නගරාධිපති අපේක්ෂකයා ලයිස්තුවෙන් පත් කිරීමට කතාබහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම සභාව ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුවද එයට හිමිව ඇත්තේ සභික ධූර අටක් වන අතර විපක්ෂයට සභික ධූර 9ක් හිමිව තිබේ.

ඒ අනුව විපක්ෂයට, සමගි ජන බලවේගයට සභිකයන් 4ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් එක බැගින් හිමිව තිබේ.

මේ ප්‍රතිඵිලය අනුව කාන්තා නියෝජනය 25% සඳහා සමගි ජන බලවේගය සිය බෝනස් සභික ධූර වලින් 2ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතුවේ.

මේ තත්ත්වය මත පූර්ව එකඟතාවයකින් පොදුජන එක්සත් පෙරමුණේ සභික ධූරය සඳහා කාන්තාවක් පත්කර, ඉන් කාන්තා 25% සම්පූර්ණ කර සජබ බෝනස් සභිකධූරය සඳහා පැරදුන සභාපති අපේක්ෂකයා පත් කිරීමට සූදානම් වන බව සජබ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙය මූල්‍යමය ගනුදෙනුවක් මත සිදුවන්නක් බවට ද වාර්තා පැතිර තිබේ.

මේ ගනුදෙනුව පිටුපස ද සජබ නායකයාගේ උපදේශක සිටින බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved