Connect with us

පුවත්

යුධ නීතිය පැනවූ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් (Update)

Published

on

සර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය දැඩි තීරණය රූපවාහිනිය තුළින් නිවේදනය කළ අතර “රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ගැන ද ඔහු එහිදී සඳහන් කලේය.

කෙසේ වෙතත්, එයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුවට රැස් කිරීමට පෙළඹවූ අතර අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව ඒකමතිකව, හමුදා නීතියට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ.

ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවය.

මේ අතර, අද දහවල්, විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කලේය.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාල යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව තිබේ.

මේ අතර, ඉදිරි සතිවල සිදුවීමට නියමිතව තිබු ස්වීඩන අග්‍රාමාත්‍යවරයාගේ සහ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල කොරියානු සංචාර අවලංගු කිරීමට ස්වීඩන සහ ජපන් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවය.



පෙර පුවත 2024 දෙසැම්බර් 04 ; පෙ.ව 11:56

දකුණු කොරියාව යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් රට තුළ යුද නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විපක්ෂය රාජ්‍ය විරෝධී ක්‍රියාකාකරම්වල නිතර වන බවට එහිදී ඔහු චෝදනා කර ඇත.

උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින් ලිබරල් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයා පෙන්වාදී ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් හදිසි යුද නීතිය ප්‍රකාශ කරන බවට ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved