Connect with us

පුවත්

පත්වීම් 5කට උසස් නිලතල කාරක සභාවේ අනුැතිය

Published

on

ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගිය 05දා හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කාන්ඩීපන් බාලසුබ්‍රමනියම් මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එමෙන්ම, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතාගේ පත්වීමටත්, ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කේ.ඒ. විමල් රූපසිංහ මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

එයට අමතරව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස එම්.ඩී. මහින්ද සාලිය මහතා සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කොමදෝරු (ඉංජිනේරු) එච්. එස්. බාලසූරිය මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රිෂාඩ් බදියුදීන් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved