Connect with us

පුවත්

පොඩි ලැසීගේ සිරමැදිරිය පිටුපසින් හමුවූ තහනම් භාණ්ඩ

Published

on



බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සොයාගත් උපාංග අතර බැටරි චාජරයක්, හැන්ඩි ෆ්‍රි එකක් , ඩේටා කේබල් දෙකක් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරිය යොදවා සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (08) එම සිර කුටිය පරීක්ෂාවට ලක් කිරීමේදී එම සිරකුටිය පිටුපස මෙම තහනම් භාණ්ඩ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් උපකරණ බන්ධනගාර පාලන අධිකාරිය වෙත භාරදී තිබේ.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved