Connect with us

පුවත්

තොග පරීක්ෂාවට සහල් මෝලක් සඳහා නිලධාරින් දෙන්නෙක්

Published

on

දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහපරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරිය පැවසුවේ, සහල් මෝල් හිමියන් දෛනිකව නිකුත් කරන තොග ප්‍රමාණය, මිල මෙන්ම අදාල මිල ගණන් යටතේ සහල් පාරිභෝගිකයින් අතට පත්වන්නේද පිළිබඳවද එම නිලධාරින් පරීක්ෂාවට ලක්කරෙන බවය.

පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් සහල් මෝල් පරික්ෂාව ඊයේ ආරම්භ කෙරුණු අතර අඛණ්ඩව දින 10 ක් එම කටයුතු සිදුකෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කලේය.

හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන ඊයේ පරික්ෂාවට ලක්කෙරුණි.

උපරිම සිල්ලර මිලකට යටත්ව ඊයේ සිට සහල් නිකුත් කිරීමට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණියහ.

මේ අතර, නියම කළ මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved