Connect with us

පුවත්

ලංවිම සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන අවසන් තීරණය

Published

on

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කලේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ, පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණද, වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවය.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට එලෙස ප්‍රසාද දීමනාවක් ඉල්ලා සිටියද, එම ප්‍රසාද දීමනාව ලබා නොදීමට විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට මේවන විටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවසන් තීරණයක් ගෙන ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර තිබේ.

එමෙන්ම 2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරනු ලබයි.

එබැවින් පවත්නා තත්ත්වය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදිය නොහැකි බවට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කලේය.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved