Connect with us

පුවත්

යාපනයේ හඳුනානොගත් උණ රෝගයක්

Published

on

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේවෙතත් එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසන්නීය.

මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඇය පැවසුවාය.  

එමෙන්ම පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන් 9,000කට අධික පිරිසක් වාර්තා වූ බවත් ඉන් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එමෙන්ම මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

ඇය පැවසුවේ වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණ දී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමට ලක්වන බවය.

තද උණ, තදබල මස්පිඬු වේදනාව හා ඇස් රතුවීම, මී උණ රෝගයේ රෝග ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුනහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පැවසුවාය.

කුඹුරු හා ජලය ආශ්‍රිත රැකියවන් සඳහා යොමුවන පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිජිවක ඖෂධ ලබා දෙන බවත් එ් අනුව තමන්ගේ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මඟින් අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියාය.

පුවත්

කොටහේන සිදුවිම – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

Published

on

By

කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.

කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

ඒ අනුව මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවු බව සඳහන්ය.

ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇත.

ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ වැළැක්වීමට විමර්ශන ඒකක

Published

on

By

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දෙන ලදී.

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී  පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුළසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනා‍යහන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ් 

Published

on

By

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතකර තිබේ.

ඒ මහතා අද (15) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පැනවීය.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා යළි බන්ධනාගාරගත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved