Connect with us

පුවත්

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

Published

on

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.

ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය දීඝදන්තු 01 ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත්තේය.

එහිදී දෙපාර්ශ්වයේ කරුණු සලකා බලමින් සැකකරු ලබන (26) තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණි.

ගල්කිරියාගම වනසත්තව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක හා වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.රත්නායක යන අය විසිනුයි එම ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කලේය.

මියගිය දීඝදන්තු ඇතා වෙනුවෙන් කරුණු දැක්වීමට වන සත්ව හා පරිසරය සංවිධාන මෙන්ම, වන සත්ව ලෝලීන් නියෝජනය කරමින් නීතීඥවරුන් 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගණන 6කි.

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක්

Published

on

By

මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි.

මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට  දානමාන පිළිගන්වන ලදි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved