Connect with us

පුවත්

පොල් හිඟයට ප්‍රධාන හේතුව මොකක්ද?

Published

on

මෙරට තුළ මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලය අනාවරණය කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසා ඇත්තේ රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑමත් සමඟ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදු වී ඇති බවය.

එමෙන්ම,   මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

ලෝකයේ වැඩිම පොල් පරිභෝජනයක් සහිත රට ශ්‍රී ලංකාව වන අතර පුද්ගලයෙකු වසරකට පොල්ගෙඩි 114ක් පරිභෝජනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

ඉදිරියේදී ඇතිවිය හැකි පොල් හිඟය අවම කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කරන රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා,

“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ cඑන්ටිග්‍රඩෙ 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක cඑන්ටිග්‍රඩෙ 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.”

“කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ.”

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක්

Published

on

By

මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි.

මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට  දානමාන පිළිගන්වන ලදි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved