Connect with us

ක්‍රීඩා

ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම අත්හිටුවයි

Published

on

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.

ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි.

ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුය.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටියි.

ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය තරග දෙකේදී ම පන්දු යැව්වේ නැත.

ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරගවලින් සමුගත් ශකිබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරයි.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved