Connect with us

පුවත්

ඥානසාර හිමිට වරෙන්තු

Published

on

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබීය.

ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පුවත්

නාමල් රාජපක්ෂට නොතීසි

Published

on

By



රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා එල්ල කර තිබේ.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සහ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉකුත් යහ පාලන රජය සමයේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන පැවැත්වා ඇත.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණි.

එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන ලෙස  CBට නියෝග

Published

on

By

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය.

ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබුණි.

ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන පැවැති නඩු විභාගයකදී ය.

Continue Reading

පුවත්

දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළට

Published

on

By

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බවය.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලයට එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගන්නා බවද සඳහන්ය .

එමෙන්ම,  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවේ නිර්දේශය අනුව ‘පී’ කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000 ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved