Connect with us

පුවත්

වාස්ට පැනවූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Published

on

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දෙන ලදී.

එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන බවත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.

මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන්නේය.

විත්තිකරුවන් ජනාධිපති සමාවක් වැන්නක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට දඬුවම ක්‍රියාත්මක වන දිනය ඉතා වැදගත් යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා ඒ අනුව දඬුවම ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බවය.

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය

Published

on

By

සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved