Connect with us

පුවත්

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

Published

on

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කලේය.

අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් දැනට නාමයෝජනා කැන්සල් කිරීමට අදාළ පනත සකස් කරලා තියෙන්නේ. ඒක ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා.”

මේ අතර පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක් හිරවී ඇති බවත් ඒ නිසාවෙන් එය ලබන වසර ඇතුළත පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved