Connect with us

පුවත්

කුඩු සළිඳුට වරෙන්තු

Published

on

ඇප මත නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.

ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.

එහෙත් ඔහු පෙරේදා (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (23) කරුණු වාර්තා කලේය.

එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

‘හරක් කටා’ කට අරී (වීඩියෝ)

Published

on

By

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව හරක්කටා හෙවත් නදුන් චින්තක පවසයි.

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන හරක්කටා හෙවත් නදුන් චින්තක විසින් අද (14) මාධ්‍ය හමුවේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ,

අද (14)  දින පැවති නඩු විභාගයකින් පසු කොළඹ අධිකරණ සංකීර්ණයෙන් පොලිසිය විසින් රැගෙන යන අතරතුර  “කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒවා එහෙනම් හෙළි කරන්නම්,” ලෙස ඔහු නැවත බන්ධනාගාරයට ගෙනයෑමට පෙර වාර්තාකරුවන්ට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ තංගල්ලේ රඳවා තබාගැනීම සඳහා මසකට රුපියල් මිලියන 10ක් වැය වන බවය.
2023 මාර්තු මාසයේදී හරක් කටා සහ සලිඳු මල්ෂිකා හෙවත් කුඩු සලිඳු මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ CID කණ්ඩායමක් විසිනි.

එතැන් සිට ඔහු ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා ඇත.

වීඩියෝ – News Center 

Continue Reading

පුවත්

කැනඩාවේ ජනසංහාර ස්මාරකයට රජයේ විරෝධය

Published

on

By

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටී.

විශේෂ නිවේදනයක් මගින් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් අද  (14) දින මේ බව කියා සිටින අතර එමගින් මෙසේද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති යුධ ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදු කළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නො‍කරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ශ්‍රී ලංකා රජය පවසයි. ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරයි.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු කළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදු කර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කළේය.  ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත. බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබිණි.

මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරන්නක් බවට ශ්‍රී ලංකාව සලකයි. එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කළේය. මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර, හෑල්ලුවට ද ලක්වේ.

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved