Connect with us

ව්‍යාපාර

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

Published

on



ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව රජය විසින් අනුගමනය නොකිරීමට තීරණය කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

මෙරට කිරි නිෂ්පාදනය ස්වයංපෝෂිත කිරීම සඳහා සහ ඉහළ නැංවීම සඳහා පැවති රජය ඉන්දියාවේ  ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ අමුල් සමාගම වෙතින් සහය ඉල්ලා තිබුණි.

ඒ අනුව, ලංකා රජයට අයත් කිරි සමාගමක් වන මිල්කෝ සහ කිරි ගොවිපළවල් ඉන්දියාවේ අමුල් කිරි සමාගම විසින් ශ්‍රී ලංකා-ඉන්දියා හවුල් ව්‍යාපාරයකින් පවරා ගැනීමට නියමිත බවද වාර්තා විය.

අමුල් සමාගම ඉන්දියාවේ ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ හිමිකාරිත්වය යටතේ පවතින අතර එය මිලියන 3.6 ක කිරි නිෂ්පාදකයින් යටතේ දිවෙන සමාගමකි .

මේ සම්බන්ධයෙන් පසුගිය රජය මූලික ගිවිකට එළඹුණු අතර එවකට විපක්ෂය නියෝජනය කළ පක්ෂයක් ලෙස ලෙස ජාතික ජන බලවේගයට  අනුබද්ධ වෘත්තීය සමිති ඊට විරෝධය පළ කලේය.

ඒ අනුව, වත්මන් රජය පසුගිය රජයේ සැලැස්ම සමඟ ඉදිරියට නොයෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර, රජයට අයත් මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී. ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.

“එන්. එල්.ඩී.බී. ගොවිපොළවල් සහ මිල්කෝ ආයතනය අමුල් සමාගමටත්, මෙරට තවත් සමාගමකටත් ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් කළා. ඒවාට සෘජුව මැදිහත් වූ අයකු ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලයි තිබුණේ. මේක ව්‍යර්ථ කළා. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ.

මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒ සඳහා දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීමට සාකච්ඡා කර කටයුතු කරනවා. කොහොමටවත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිම තීන්දුවක් අරගෙන නැහැ.”

ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්වේ (UPDATE)

Published

on

By

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.10.31 )

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.

Continue Reading

ව්‍යාපාර

කළු කඩ සහල් වෙළඳුන් සොයා වැටලීම්

Published

on

By

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා ඇති බැවින් අදාළ මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම නීතියෙන් තහනම් වන බවය.

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් දියත් කරන බව පැවසූ එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සම්බන්ධව පාරිභෝගිකයින්ටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවය.

ඒ අනුව කාර්යාල වේලාවන් තුළදී 1977 අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ හැකි බවද එම අධිකාරිය පවසයි.

සහල් අලෙවි කිරීමේදි සුදු සහ රතු දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් ලෙසත් පාලන මිල පනවා තිබේ.

එමෙන්ම සුදු සහ රතු සම්බා කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ, තම්බන ලද දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240ක් ලෙසත් කීරි සම්බා කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 260ක් ලෙසත් පාලන මිල පනවා ඇත.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved