Connect with us

පුවත්

මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න

Published

on

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසයි.  

ඔහු පවසන්නේ, තිසර නානායක්කාර මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් විටෙන් විට බැරවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව අවස්ථා 28කදී  මෙම මුදල් බැරවී තිබේ.

මෙලෙස එම ගිණුමට මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය යැකි බවත් එසේ මෙම සැකකරුට මුදල් දී වංචාවන්ට හසු වී සිටින අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක්  වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

‘හරක් කටා’ කට අරී (වීඩියෝ)

Published

on

By

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව හරක්කටා හෙවත් නදුන් චින්තක පවසයි.

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන හරක්කටා හෙවත් නදුන් චින්තක විසින් අද (14) මාධ්‍ය හමුවේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ,

අද (14)  දින පැවති නඩු විභාගයකින් පසු කොළඹ අධිකරණ සංකීර්ණයෙන් පොලිසිය විසින් රැගෙන යන අතරතුර  “කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒවා එහෙනම් හෙළි කරන්නම්,” ලෙස ඔහු නැවත බන්ධනාගාරයට ගෙනයෑමට පෙර වාර්තාකරුවන්ට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ තංගල්ලේ රඳවා තබාගැනීම සඳහා මසකට රුපියල් මිලියන 10ක් වැය වන බවය.
2023 මාර්තු මාසයේදී හරක් කටා සහ සලිඳු මල්ෂිකා හෙවත් කුඩු සලිඳු මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ CID කණ්ඩායමක් විසිනි.

එතැන් සිට ඔහු ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා ඇත.

වීඩියෝ – News Center 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved