Connect with us

පුවත්

මණ්ඩලේ තිබූ කීරි සම්බා වී කිලෝ 120,000ක් විකිණීමේ සූදානමක්

Published

on

වී අලෙවි මණ්ඩලය 2024 යල කන්නයේ මිල දී ගත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එක් ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් (119,699) විකිණීමට මිල ගණන් කැඳවා තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පරගහකැලේ වී ගබඩාවේ මෙම වී තොගය තිබෙන බව වී අලෙවි මණ්ඩලය ප්‍රසිද්ධ කර ඇත.

වී අලෙවි මණ්ඩලයේ දෙපාර්තමේන්තුව ප්‍රසම්පාදන කමිටුව 2024 වසරේ ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා තිබේ.

පසුගිය 7 වන දා සිට ලබන 21 වන දා දක්වා ලංසු ලේඛන නිකුත් කරන බව ත් වී තොග නිකුත් කිරීම සම්බන්ධ අවසන් තීරණය වී අලෙවි මණ්ඩලය සතු බව ත් එම මණ්ඩලය පවසයි.

මව්බිම පුවත්පත

පුවත්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

Published

on

By

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

පතල් කාර්මිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක්

Published

on

By

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා තිබේ.

පතල් කර්මාන්තයේ ඇති අනාරක්ෂිතභාවය නිසාම එම රැකියාවෙහි නිරත වන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩු වී ඇත.

ඊට විසඳුමක් ලෙස පතල් සේවකයන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අය කරන වාරිකයට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් පතල් කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමටයි කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දු 19වනදා පරීක්ෂණ කමිටුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved