මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී මත් මුද්දර එකොළහක් සමග අත්අඩංගුවට ගත් සැකකාර රේගු පරීක්ෂකවරයකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රධාන සැකකරු බව කියන රේගු පරීක්ෂකවරයා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 210, කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 160ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පියා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා, කැවුමා, මාකඳුරේ මධුෂ් නමැත්තන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥයකු බවද විමර්ශන කණ්ඩායම් පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් දෙදෙනා නිදහස් කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාදීමටද සැකකරුවන්ගේ පාර්ශ්වය යෝජනා කර ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියකු මාධ්‍යට පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.