Connect with us

පුවත්

චතුරිකා සිරිසේනගේ ආරක්ෂකයා අල්ලන්න සොයයි

Published

on

විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප පෙන්වා සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමට හැකි බව පවසමින් රුපියල් 27,660,000 මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (09) නියෝග කළාය.

මෙම සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියකු බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලදි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු වන ගුණසිරිලාල් නමැති සැකකරුවකු සම්බන්ධව නඩුවක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිස්ක සමරනායක මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් සැබවින්ම මෙම සිද්ධිය පිටුපස සිටින ආරක්ෂකයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියේ සැකකරු තම සේවාදායකයා වන ගුණසිරිලාල් නමැත්තා එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතෙකු බවත් කොළඹ වරායේ තිබෙන නිෂ්කාශනය නොකළ වාහන අටක් පිළිබඳව ඡායාරූප සමඟ තොරතුරු තම සේවාදායකයාට ලබා දී ඇත්තේ එම ආරක්ෂක නිලධාරියා බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

එම ආරක්ෂක නිලධාරියා විසින් ලබා දුන් ඡායාරූප අටක් තම සේවාදායකයා දන්නා හඳුනන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර සම්සුදීන් නමැති අයට යවා ඇති බවද ඒ අනුව පැමිණිලිකරු විසින් එම වාහනයක් ගැනීම සඳහා සැකකරුවන් කිහිපදෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 2,7660000ක මුදල් බැර කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

දිනමිණ

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved