Connect with us

පුවත්

2025 වසරේ වැඩිම මුදල් වෙන්කිරීම මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට

Published

on

ඊයේ (09) දින 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු. බි. 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.

ඒ අනුව අද දින ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ සඳහා සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය පහත ආකාරයෙන් දැක්වුණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 52.4
මූලධන – රු. බි 421

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 83
මූලධන – රු. බි 124

බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 1
මූලධන – රු. බි 20

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 3
මූලධන – රු. බි 98

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 24
මූලධන – රු. බි 05

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 206
මූලධන – රු. බි 65

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 463
මූලධන – රු. බි 33

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 5.4
මූලධන – රු. බි 11

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 04
මූලධන – රු. බි 08

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය

පුනරාවර්තන – රු. බි 6.2
මූලධන – රු. බි 5.2

පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 12
මූලධන – රු. බි 3.5

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 14
මූලධන – රු. මි 392

ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.7
මූලධන – රු. බි 6.8

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 159
මූලධන – රු. බි 16

කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 4.3
මූලධන – රු. බි 1.7

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 7.1
මූලධන – රු. බි 5

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.8
මූලධන – රු. බි 2.2

මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.

ජනාධිපති
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු බි 2.5
මූලධන රු බි 354

– සංවර්ධන වැඩසටහන
පුනරාවර්ථන – රු මි 20
මූලධන – රු මි 100

අග්‍රාමාත්‍ය කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු බි 1
මූලධන රු බි 71

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 451
මූලධන රු මි 30

අමාත්‍ය මණ්ඩල කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 205
මූලධන රු මි 25

සම්පූර්ණ විසර්ජන පනත් කෙටුම්පත,

Appropriation Bill (E) 20250102 Sin

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

O/L විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Published

on

By

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.

41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නැටුම් (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නැටුම් (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)

ඉහත සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.

ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදුනොකර බව සඳහන් වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබේ.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා ඇත.

තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.

යම්කිසි අවශ්‍යතාවයක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

දුරකථන අංක – 011-2784537, 2786616, 2784208, 011-2786200, 2784201
විද්‍යුත් ලිපිනය – [email protected]
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422

Continue Reading

පුවත්

හල්ලොලුව CIDයට පැමිණේ

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

සිදුකරන ලද දැනුම්දීමක් මත ඔහු අද පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත.

පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් පසුගිය 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අදාළ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදුවිය හැකි බැවින් තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved