Connect with us

පුවත්

පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Published

on

හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් අද (10) තාවකාලිකව ඉවත් කරන ලදී.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුකරය මඟින් එම තහනම පනවා තිබූ අතර මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දී ඇත.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර අප්‍රේල් මස 20 වැනිදා ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

පුවත්

ප්‍රශ්න පත්‍ර පිටවුණු හැටි හෙළිවේ

Published

on

By

උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියට අදාළ වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් වැඩ බලන විදුහල්පතිවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකාර වැඩබලන විදුහල්පතිවරයා අනුරාධපුර – තම්මැන්නාකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු 11 වන ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම ප්‍රශ්න පත්‍ර බහා තිබූ පාර්සල්වල මුද්‍රා කඩා, ප්‍රශ්න පත්‍ර පිටතට ගෙන ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයකින් ජායාරූප ගත කර පසුව වට්ස් ඇප් ඔස්සේ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවට අනාවරණ වී ඇත.

ඡායාරූප ගැනීමෙන් අනතුරුව, එම ප්‍රශ්න පත්‍ර සැකකරු විසින් යළි පාර්සල් තුලට දමා ඉතා සූක්ෂම ලෙස අලවා තිබී ඇති බවද හෙළි වී තිබේ.

එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පිටකිරීම හේතුවෙන් සැකකරු විසින් රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂය ඉක්මවා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අදාල විභාගය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ යළි පැවැත්වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ස්වීඩනයේ වෙඩි තැබීමක් 11ක් මරුට

Published

on

By

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල සඳහන්ව ඇත.

එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවය.

මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්ය.

අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පැවසුවේය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් විස්තර විචාරක පීටර් ලාලෝර් ගාල්ලේදී ‘ඔන්ලයින්’ ක්‍රමයට රස්සාවෙන් දොට්ටදායි

Published

on

By

තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය සහ මිනිස් සංහාර පිළිබඳ සටහනක් ‘ට්විටර්’ මඟින් ප්‍රචාරය කිරීම වරදක් ලෙස සලකා ගාල්ලට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදී පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව ‘ඔන්ලයින්’ ක්‍රමයට අහිමි කිරීමට ඔහු සේවය කළ ‘සෙන්’ ගුවන්විදුලි ආයතනය තීරණය කරයි.

සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර හෙට ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේ විස්තර ප්‍රචාරයට සූදානමින් සිටි පීටර් ලාලෝර්ගේ ක්‍රිකට් විචාරක රැකියාව අහිමි කළ බව එම ආයතනය ඊයේ ඊමේල් මඟින් දැනුම් දී ඇත.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍යවල පළ කළ සටහනක් මෙයට හේතුවී ඇති අතර, ‘සෙන්’ ගුවන්විදුලි බලධාරීන් විසින් ලාලෝර්ට දන්වන ලද්දේ ඔහු තවදුරටත් ඔවුන්ගේ විචාර කණ්ඩායමේ කොටස්කරුවකු නොවන බවයි. 

ඔහුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව වූයේ ලාලෝර්ගේ ට්විටර් පණිවිඩයෙන් යුදෙව් විරෝධය පතුරුවන බවයි.

ලාලෝර්ගේ විසින් එසේ රීපෝස්ට් කළ ට්විටර් පණිවිඩයක් පහත දැක්වේ.



කෙසේවුවද ලාලෝර් ඉවත් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ඔහුට සහාය පළ කර තිබේ. 

පලස්තීන අයිතිවාසිකම් පිළිබඳ සැමවිටම හඬ නඟන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කවාජා පවසන්නේ ක්‍රිකට් මාධ්‍යවේදී ලාලෝර්ට අසාධාරණයක් සිදුව ඇති බවය.

පාකිස්තාන සම්භවයක් ඇති උස්මාන් කවාජා ඉන්ස්ටග්‍රෑම් හි ලාලෝර්ට සහාය දක්වමින් සටහනක් තබා ඇති අතර,‘ගාසාවේ ජනතාව සමඟ සිටීම යනු යුදෙව් විරෝධයක් නොවේ. 

මෙය ඔස්ට්‍රේලියාවේ සිටින අපගේ යුදෙව් සහෝදර සහෝදරියන්ට එරෙහි ප්‍රහාරයක් ද නොවේ. 

මෙය ඊශ්‍රායල රජයට සහ එහි පිළිකුල් සහගත හැසිරීමට එරෙහි විරෝධතාවක් පමණි. 

මෙය යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයකි’ යනුවෙන් කවාජා සටහන් කළේය.

උස්මාන් කවාජාගේ ඉන්ස්ටග්‍රෑම් පනිවුඩය පහත දැක්වේ.

‘සෙන්’ ගුවන්විදුලි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රේග් හචින්සන් පවසන්නේ මාධ්‍යවේදී ලාලෝර්ගේ පණිවිඩය මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම නැවත බෙදා ගැනීමක් සිදුව ඇති බවත් මෙල්බර්න්හි වෙසෙන යුදෙව් ජනතාවට එයින් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved