Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

Published

on

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්හ‍.

නවසීලන්තය ලැබීමට ගිය දැවැන්ත පරාජයේ බර අඩුකරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.

ඔහු හැරෙන්න ලකුණු 10කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි.

නවසීලන්ත ඉනිමේ 7වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 21ට 5ක් ලෙසින්ය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.

මෙය මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2007 වසරේ පැවති තරගයකදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ලකුණු 262/6ක් රැස්කිරීමයි.

එම තරගයෙන්ද ලකුණු 189ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved