Connect with us

ව්‍යාපාර

රටින් ගෙනා සහල් ගැන හෙළිදරව්වක්

Published

on

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතියි.

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නොහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළේය.

එම සහල් නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇත.

මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි.

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් විකුණන්නේ නැහැ

Published

on

By

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ටිකට් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

City of Dreams Sri Lanka සංවිධායකයින් පවසන්නේ, 2025 අගෝස්තු 2 වන දින පැවැත්වෙන මෙම උත්සවය සඳහා ඇතැම් පාර්ශව විසින් ව්‍යාජ ටිකට් පත් නිකුත් කරන බව නිරීක්ෂණයට ලක්ව ඇති බවය.

මෙම උත්සවය ආරාධිතයින්ට පමණක් සීමා වූවක් බවත් කිසිදු තෙවන පාර්ශවයකට ටිකට්පත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත් එහි සංවිධායකයින් අවධාරණය කරයි

ඔවුන් තවදුරටත් පවසන්නේ, නිල නොවන මූලාශ්‍ර මඟින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙන් වළකින ලෙසය.

එමෙන්ම, කිසියම් ගැටලුවක් ඇත් නම් City of Dreams Sri Lanka නිල සන්නිවේදන මාර්ග හරහා ඔවුන් සම්බන්ධ කර ගන්නා ලෙසද සංවිධායකයින් දැනුම් දෙයි

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව පසුගියදා නිල වශයෙන් නිවේදනය  කලේය.

Posted by City of Dreams Sri Lanka on Thursday, July 3, 2025

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජපාන – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදයක්

Published

on

By

අද (04) දින ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ සහකාර අමාත්‍ය /අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි හිඩියෝ මහතා හා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සාකච්ඡා පැවැත්විණි.

නව රජය යටතේ පවත්වන ලද ප්‍රථම වරට ජපන්-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදය මෙයයි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු ඉසොමත අකිඕ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (අන්තර්ජාලය හරහා), ජපන් තානාපති කාර්යාලය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) යන ආයතනවල නියෝජිතයින් ද එක්වූහ.

නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවෙකු බව අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළ අතර, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ විශේෂයෙන් දූෂණයට එරෙහිව සටන් කිරීමට දරණ උත්සාහයන්ට සහාය වෙමින්, ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන සහයෝගීතාව දිගටම පවත්වා ගෙන යාම සදහා වූ තම අරමුණ පැහැදිලි කලේය.

ජපානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී විශ්වාසය නැවත ඇති කිරීම සඳහා දූෂණය තුරන් කිරීම සහ යහපාලනය පූර්ව අවශ්‍යතාවයක් බව තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේය.

රටේ තිරසාර සංවර්ධනය සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ශක්තිමත් කිරීමට මෙන්ම එහි සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට දැනට ක්‍රියාත්මක යෙන් ණය ව්‍යාපෘති ඇතුළුව, ජපානයේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved