Connect with us

පුවත්

“ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබාදෙන්න”

Published

on

අද (14) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසූවේ, ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා කමිටු පත්කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොශප් ස්ටාලින් මහතා,

“රාජ්‍ය, පෞද්ගලික අංශ ඇතුළු සියළු දෙනා ජනවාරි මස සිට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණා.. ආණ්ඩුව ඇයවැයෙන් වැටුප් කිරීමක් සිදු කරනවා කියනවා.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 අපි බලාපොරොත්තු වෙනවා..

 ගුරු – විදුහල්පතිවරුන් වැටුප් සම්බන්ධයෙන් විශාල අරගලයක් අපි සිදු කලා.. එම අරගලය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සුබෝදනී මහත්මිය ප්‍රමුඛ කමිටුවක් පත් කළා.. වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ලබාදුන්න යෝජනාවෙන් 1/3 වැටුප් වැඩිවීමක් තමයි ලැබුණේ.. එකෙන් වැඩි නොවු ඉතිරි 2/3 වැටුප් වැඩි වීම ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට 2024 වසරේදි අපි විශාල අරගලයක් සිදු කළා..

වත්මන් රජයේ ඇමතිවරයෙක් කියනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න ඕනි කියලා.. කමිටු පත් කරන්න අවශ්‍ය නෑ.. කමිටු හදලා යෝජනාවක් ඉදිරිපත් කරලා 1/3 වැටුප් වැඩිවිමක් ලබා දීලා තියෙන්නේ.. ඉතිරි 2/3 විතරයි ලබාදෙන්න තියෙන්නේ, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20000 කින් වැඩි කරන ලෙස සිදු කල උද්ඝෝෂණවලට වත්මන් රජයේ මැති අමතිවරුන් හිටියා. දැන් ඒ පිලිබඳව අවධානය යොමු කරන්න.” 

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved