Connect with us

පුවත්

හිරුණිකා අනතුරු අඟවයි

Published

on

සමඟි ජන බලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාස මහතාගේ ද අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරි ගමනක් නොගියහොත් බොහෝදෙනා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ නායකත්ව ලක්ෂණ නිවැරදි කරගෙන වැඩකළ හැකි කණ්ඩායමක් එකතුකරගෙන ඉදිරියට යන්නේ නම් කිසිවෙකු සමඟ හෝ එකතුවීමක් අවශ්‍ය නොවන බවයි .

”දැන් මතයක් තියෙනවා සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා යන්න ඕනේ කියල. සමහරක් කට්ටිය කැමතියි. සමහරක් කට්ටිය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න ඕන තීරණයක් ඒක. 

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යම් යම් අඩුපාඩු හදාගෙන ගියේ නැත්නම් බොහෝදෙනා සජිත් ප්‍රේමදාස මහත්තයව අතහැරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට යයි. 

මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මේ පක්ෂයේම දිගටම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අලුතින් හදපු පක්ෂය ඇතුලේ මට තාම ලොකු වගකිමක් තියෙනවා මට ජන්දය දුන්න මිනිස්සුන්ගෙන් ජන්දය ලැබුණේ ටෙලිෆොනයට කතිරය ගහපු නිසා. 

නායකත්වය තීරණය කළොත් අපි සාකච්ජා කරනවා ඉස්සරහට මොකක්ද කරන්නේ කියල, මට හිතෙන්නේ මෙහෙමයි.සමහර පාක්ෂිකයෝ කියනවා එකතුවෙන්න ඕනේ කියල. සමහර පාක්ෂිකයෝ කියනවා එකතු වෙන්න ඕනේ නැහැ කියල. සජිත් ප්‍රේමදාස මහත්තය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ නැතුව ගියොත් අන්තිමට සියලුම පාක්ෂිකයෝ කියයි එකතුවෙන්න ඕනේ කියල. 

අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයට මෙතනට ආපු කට්ටිය. එතුමා වෙනස් වෙලා එතුමාගේ නායකත්ව ලක්ෂණ වෙනස්වෙලා එතුමාගේ වටේ අඩුමගානේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් එකතුකරගෙන මේ ගමන ගියොත් කා එක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එතුමා තීරණය කරන්න ඕනේ මොකක්ද ඉස්සරහට කරන්නේ කියල.” 

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved