Connect with us

පුවත්

වැස්ස සමඟ ජලාශ පිරී ඉතිරේ

Published

on

පවතින වැසි තත්වයත් සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ 29ක් සහ මධ්‍යම ජලාශ 10ක් මේ වන විට වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ (ජල කළමනාකරණ) අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්. හේරත් මහතා ප්‍රකාශ කරයි.

ජලාශ 73ක සමස්ත ජලධාරිතාව 84.3%ක් ඊයේ (14) සවස් වන පිරී තිබූ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

සොරබොර ජලාශය සහ උස්ගල සියඹලන්ගමුව ජලාශය අවදානම් මට්ටම දක්වා ජලයෙන් පිරී ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා පවසයි.

දිස්ත්‍රික්ක 11ක ජලාශ 29ක් වාන්මට්ටම දක්වා ජලයෙන් පිරී ගිය බව කී ඉංජිනේරු හේරත් මහතා, මාතලේ, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් ජලාශය බැගින්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්ද, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ 03ක් බැගින් ද වාන්මට්ටම දක්වා ජලයෙන් පිරී ඇතැයි ද පැවසීය.

මඩකලපුව, හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල ජලාශ දෙක බැගින් වාන්මට්ටම දක්වා ජලයෙන් පිරී ඇති බවද,

ලුණුගම්වෙහෙර හා වෙහෙරගල ජලාශවල වාන්දොරටු මේ වන විට විවෘත කර ඇති බව සඳහන්ය.

මේ වන විටත් ජලාශ දෙකටම ඉහළ ජලාධාරා ප්‍රදේශවලින් ජලය ලැබෙමින් පවතින හෙයින් වෙහෙරගල ජලාශයේ වාන්දොරටු රාත්‍රී කාලයේ දී වැඩි කිරිමට සිදුවන හෙයින් කතරගම මැණික් ගඟ පරිහරණය කිරීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කේ.ටී. ඩී.ඩී.පී. වික්‍රමසූරිය මහතා පවසයි.

කිරිඳිඔය දෙපස ජනතාවටද විමසිලිමත් ලෙස ජලය පරිහරණය කරන ලෙසට මේ වන විට දන්වා ඇති බවද ඉංජිනේරුවරයා කිය.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දහයෙන් දොරටු හතරක් ඊයේ (14) සවස අඩියක් බැගින් විවෘත කළ බවද, එම දොරටු හතරෙන් තප්පරයට ඝන අඩි 606ක ජල කඳක් මහවැලි ගඟට මුදා හැරෙන බව ද සඳහන්ය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved