Connect with us

පුවත්

අවුරුදු 10ක් තිස්සේ රුපියල් 3ට බදු දුන් කොළඹ නගරසභාවේ නිල නිවාස

Published

on

කොළඹ මහා නගර සභාවට අයත් නිල නිවාස 397ක් නගර සභාවේ නොවන සේවකයන්ට පරිහරණය පිණිස ලබා දීම පිටුපස විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි වාර්තා වේ.

අදාළ නිවාස වෙනුවෙන් කොළඹ මහා නගර සභාවට ගෙවා ඇත්තේ මසකට රුපියල් 3 සිට රුපියල් 200 දක්වා ඉතා අවම මුදලක් බවද දැනගන්නට ඇත.

ඒ අනුව කොළඹ නාගරික බල ප්‍රදේශයේ ඉතා වටිනා නිල නිවාසවලින් 2023 වර්ෂය වෙනුවෙන් ගිණුම්ගතව ඇත්තේ රුපියල් 180,043ක් පමණකි. 

අදාළ නිල නිවාස නගර සභාවේ විශ්‍රාම ලත් සේවකයන් විසින් පරිහරණය කරනු ලබන බවට කොළඹ මහා නගර සභා රැස්වීම්වලදී සාකච්ඡාවට බඳුන් වී ඇති නමුත්, ඒ වෙනුවෙන් එකල සිටි නගරාධිපතිනිය කිසිදු පියවරක් ගෙන නැත.

මේ පදිංචිකරුවන් වසර 10කට වැඩි කාලයක් මෙලෙස අදාළ නිල නිවාස අවභාවිත කර පරිහරණය කරන නමුත් ඔවුන්ට ජල විදුලි පහසුකම් පවා සපයා ඇත. 

නිල නිවාස ඔවුන්ට ලබා දී මහා නගර සභාවේ කිහිප දෙනකු විසින් ඔවුන්ගෙන් මාසික මුදල් ගෙන ඇති නමුත්, ඒ පිළිබඳව නිවැසියන් පැමිණිලි නොකිරීම නිසා මෙසේ දිගින් දිගටම මේ තත්ත්වය වර්ධනය වන බවත් දැනගන්නට ඇත.

අදාළ නිල නිවාස සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කොළඹ මහ නගර සභාවෙන් විමසා ඇති නමුත් ඊට නගර සභාව පිළිතුරු දී නැත. 

විගණකාධිපතිවරයා විසින් ‍ඊට අදාළ නිර්දේශය ලෙස දක්වා ඇත්තේ නිවාස නැවත පවරාගෙන ඉඩම් නිදහස් කරගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බවයි.

පුවත්

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය

Published

on

By

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ  එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමග එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇති බව සදහන් වෙයි.

ඇය, මේ වන විට  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස  අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවිය.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ  (07) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.11.58 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-05-08

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-05-08

Posted by Department of Government Information – Sri Lanka on Wednesday, May 7, 2025

Continue Reading

පුවත්

යළි දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් නවතී

Published

on

By

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved