Connect with us

කලා

ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවිසැරිය නිමා කරයි

Published

on

ප්‍රවීණ ගායක ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 76වැනි වියෙහි පසු විය.

නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා,ලස්සනට පිපුණු වනමල්,කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්” ආදී ජනප්‍රියතම ගී රැසක්ද වේ.

කලා

රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන

Published

on

By

ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවෝ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවෝ රැසක් මීට එක් වූහ.

(ලංකාදීප)

Continue Reading

කලා

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

Published

on

By

තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් විය.

එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වන ස්ථානය හිමිකරගෙන තිබේ

Continue Reading

කලා

ෂෙහාන්ගේ  “The Seven Moons of Maali Almeida”  වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මානයක්

Published

on

By

ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “The Seven Moons of Maali Almeida” නවකතාව ආසියානු සාහිත්‍ය සඳහා 8 වන Émile Guimet ත්‍යාගය දිනා ගෙන තිබේ.

2025 ජුනි 4 වන දින පැරිසියේ පිහිටි කෞතුකාගාරයේ ජීන්-ෆ්‍රැන්කොයිස් ජැරිජ් ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මෙය නිවේදනය කර තිබුණි.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ “The Seven Moons of Maali Almeida” ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, Xavier Gros විසිනි.

“Les sept lunes de Maali Almeida” (The Seven Moons of Maali Almeida) කෘතිය Émile Guimet ත්‍යාගය දිනා ගෙන ඇත්තේ, එය ප්‍රංශයේ ප්‍රකාශයට පත් කර මාස 18ක් ගත වීමෙන් පසුවය.

2022 වසරේදී මෙම නවකතාව සඳහා ෂෙහාන් කරුණාතිලක විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන “ද බුකර් ” සම්මානයද දිනා ගන්නා ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved