Connect with us

පුවත්

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

Published

on

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.  

කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන්නේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.

ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.

නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.

පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට  අද   නිවාඩු

Published

on

By

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද  (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

මහින්ද, මෛත්‍රී හා ගෝඨා ඡන්දය දාන්න ඇවිත් නැහැ

Published

on

By

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (06) පැමිණ නැතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව වාර්තා වේ.

ඔහුගේ දකුණු දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණි බව පැවසේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්

Published

on

By

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි.

(කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැතිණි.

(2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙහි සෑම පැයකට වරක් ප්‍රතිඵල යාවත්කාලීන වන බව සලකන්න)

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved