Connect with us

පුවත්

ඇමරිකාව තුළ TikTok තහනම් කරයි

Published

on

එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය යෙදවුම ලොවපුරා අතිශයින් ප්‍රචලිත වූවකි.

2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමිනි.

මේ අතර චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් (TikTok) යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණි.

ඒ අනුව ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසය.

නැතිනම් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවයි.

කෙසේනමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘එම තීන්දුව කුමක්දැයි බලාසිටින ලෙස’ ඔහු සඳහන් කර තිබේ.

පුවත්

මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට අලින්ගෙන් හානි

Published

on

By

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ.

එම රැස්වීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙනි.

ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙයංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.

තවදුරටත්, ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගත එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡා සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

මෙම සියලු පාර්ශවයන් ආරක්‍ෂිත වැට ශක්තිමත් කිරීම කෙරෙහිත් වන සතුන් ප්‍රදේශයේ ගමන් කරන ආකාරය ගැන සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක අඛණ්ඩතාව වැඩිදියුණු කිරීම කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර,  විසඳුම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම ආයතන අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

Continue Reading

පුවත්

වැඩි මිලට විකිණූ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Published

on

By

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, රෝහලේ කළමණාකාර සහකාරවරයෙක් වශයෙන් සේවය කල කැකුලන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයේ සේවය කල මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා ඊයේ (17) අල්ලස් කොමිසම විසින්  අත්අඩංගුවට   ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

Continue Reading

පුවත්

කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට යාමට විපක්ෂයේ සූදානමක්

Published

on

By

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි.

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව පැවසීය.

මැතිසබයෙන් පිටව යෑමෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසා ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved