Connect with us

පුවත්

දුඹුරු සීනි මිල පහළට

Published

on

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර ඇත.

එම මිල ගණන් පහත පරිදි වේ.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (17) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 17, 2025

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර  සුරක්ෂිතතා දර්ශකයක්

Published

on

By

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බව පෙනී ගොස් ඇති බැවින් හා පවතින දත්ත ප්‍රමාණවත් හෝ නිරවද්‍ය නොවන බැවින්, ඒ මත පිහිටා නිසි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමද දුෂ්කර වී ඇත. එබැවින්, ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක  හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් මෙම නව ආහාර සුරක්ෂිතතා දර්ශකය නිර්මාණය කෙරේ.

එහි ආරම්භක පියවරක් ලෙස  “ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක්  සම්පාදනය කිරීම” පිළිබඳ වැඩමුළුවක් කොළඹ සිටි සෙන්ටර්හිදී අද (17) පෙරවරුවේ පැවැත්වීණි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ සහයෝගිතාවයෙන් ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

වැඩමුළුවේ ආරම්භක දේශනය කරමින්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා පැවසූයේ  “ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නිවැරදි දර්ශකයක් නිර්මාණය වීම මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය පියවරක්” වන බවයි.

ආහාර  සුරක්ෂිතතාවෙහි මූලික සංරචක වන, සුලභතාව, ප්‍රවේශය, භාවිතය හා ස්ථාවරය යන අංශ ඔස්සේ ආහාර සුරක්ෂිතතාවෙහි දිශානතිය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරුණු අතර, එමගින් ජාතික ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ගොඩනැංවීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ,  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ජීවිකා වීරහේවා යන මහත්ම මහත්මීන් ඇතුළු ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටු සාමාජිකයින්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, ලෝක ආහාර වැඩසටහනෙහි සහ පෞද්ගලික අංශයෙහි නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Continue Reading

පුවත්

2029 දී සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශ යටතේ

Published

on

By

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන  ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

තවද මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved