මන්නාරම ද්විත්ව ඝාතන සිද්ධිය මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.
එම සැකකරු විදෙස්ගතව සිටිමින් මෙම අපරාධය මෙහෙයවා ඇති බව වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය 16 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේ ය.
තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ, නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි පිරිසකි.
මේ අතර, මේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා ඇත.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර තිබිණි.
පොලීසිය පැවසුවේ, මෙම වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකි වුවහොත් 0718591363 හෝ 0232223224 යන අංකවලට දැනුම්දෙන ලෙසයි.